Saturday, October 11, 2014

අහස

   ......අහස........

අහස හඩයි....
කදුලුද මේ පොලොවට එන්නේ....
පොලොව තෙමන තරමට මිස....
ඇයි පිටාර යනතෙක්....

අහස සිනාසෙයි...

ඒ කිරණින්...
පොලොව එලිය කරනු මිස....
ගිනි දැල් මවන්නේ ....
හිතකින්ද අලු වෙන තරම්...

වරෙක හඩයි...
සිනාසෙයි..
හඩමින් සිනාසෙයි..
සිනහව මැදින් හඩයි..
මේ පොලොව නිසාමද...
පොලොවට දැනෙන්නද...
අපහසුය වටහා ගැනීම...
නැත, කිසිදා නොවැටහේ මටනම්..
කවි සිතකට නොපෙනෙන තරම්..
අහස සුවිසල්ය....
පොලොව සිසාරා පෙනෙන්නේ....
නිසැකවම එකම අහසකි....
 එනමුත්, අහසට..............................................

 

2 comments: