Saturday, October 11, 2014

සත්‍යය යනු තවත් එක සිහිනයකි

සිහිනයක දැවටෙන්න
ඉඟි මරන නිදි රැජිණ
ඉවත ගෙන යන්න ඔබ
මුවග පිපි මායම් සිනා...............

ඇත හැරි ඇත සිහින ලොව වෙත
අප රැගෙන යන ඔරු හබල් පිති
බොඳව ගොස් ඇත එවන් ලොවකට
මග කියා සිටි තාරකා එලි......

ඉතින් අවසරය මට
ඉගිලෙන්න නව ලොවට
සිහින මායම් නොමැති
සත්‍ය පමණක් ම ඇති......

එන්න ලං වන්න මට
සැතපෙන්න මා තුරුල
මුණ ගැසෙමු එකී ලොව
මත තවත් එක් සිහිනයක් තුල...........

1 comment: