සිහිනයක දැවටෙන්න
ඉඟි මරන නිදි රැජිණ
ඉවත ගෙන යන්න ඔබ
ඇත හැරි ඇත සිහින ලොව
වෙත
අප රැගෙන යන ඔරු හබල්
පිති
බොඳව ගොස් ඇත එවන් ලොවකට
මග කියා සිටි තාරකා එලි......
ඉතින් අවසරය මට
ඉගිලෙන්න නව ලොවට
සිහින මායම් නොමැති
සත්‍ය පමණක් ම ඇති......
එන්න ලං වන්න මට
සැතපෙන්න මා තුරුල
මුණ ගැසෙමු එකී ලොව
මත තවත් එක් සිහිනයක්
තුල...........

wish ur all d best .thawa thawa liyanna aiyaaa
ReplyDelete