නින්ද ගැන නොවේ.....
මට නින්ද නොදෙන ඔබ ගැන...
ඇයි ඔහොම බලා ඉන්නේ...
උනුසුම් ගතේ දැවටෙන්නද....
එකම පොරොණය බෙදා ගන්නට...
ඇරයුම් නොකෙරුවෙමි මම...
මට තනිව නිදියන්න ඉඩ දෙන්න...
දෙනෙත් පියවෙන මොහොතක...
කොනිත්තන්නේ මා රිදවන්නද...
දෙසවනට මුමුනා පෙම් ගී කියන්නට...
කාලය නොවෙයි මෙය...
මැදියම් රෑ සීතලට..
බිලි නොකරන්න ඔබෙ පිරිසිදු ජීවිතය......
පූජා කරන්න එය...
ඔබෙ කුමාරයාට..
පෙම් ලොවේ සිහිනයක..
ඈ හා තනි වන්න මට...
ඉඩදී පිටවෙයන් මගෙ යහනෙන්...
මදුරු කෙල්ලේ උබ....
( සත්‍ය කතාවක් ඇසුරෙන් පෙරදා (11/08) රැයේ නිර්මානය කල බව කරුනාවෙන් සලකන්න....)
No comments:
Post a Comment