Monday, October 13, 2014

ඔබෙ සුවද දැනුනා.........

මීදුම් වලාකුලේ සීතලට ගුලිවී....
හද ගැහෙන හඩ ඇහෙන තරම්...
හුස්මට හුස්ම පැටලෙන තරම්...
ළගින් ඉදන්....
මගෙ සමනලියේ...
ඔබෙ සුවද මට දැනුනා...

අනුරාග නෙතු දැහැන....
නොබිදෙමින්...
 මුවින් මුව...
දෙතොල් මධු මී පහස..
දැනෙන ඇසිල්ලක...
 තිසර විල නිල් දියේ...
උනුසුමට සැතපෙන්න...
ම සිතේ  හැගුම් බැමි..                
එකින් එක බිදුනා..
වේගයෙන් සැලෙන හද..
බය මැදින් ආදරය.
සිතුවමක් පරිද්දෙන්...
ඔබෙ වත දුටුවා..
 මගෙ සමනලියේ..
 ඒ නොනිමි සිහිනයෙන්...
මා අවදි නොවුනා නම්..
සිහිනයම දකිමින්..
වසා සිටි මගේ නෙතු..
යලි විවර නොවුනා නම්....







No comments:

Post a Comment