Friday, October 10, 2014

ඒක පාර්ශවික ආදරය.........

 නුඹට හොරෙන් නුඹේ දිහා බලන් ඉන්න මාන බැලුවෙ
දුරින් ඉඳන් බලන් ඉඳල මගෙ සිත මන් සනසගත්තෙ
සිහිනෙන්වත් නොපැතූ දිනෙක නුඹ මා හා සිනාසුනේ
හදේ ගැස්ම මටත් හොරෙන් නුඹේ නමට වෙනස් උනේ

නුඹේ නුවන් දකින තුරා නෑ මා සිත නිසලවන්නේ
මගේ දෙනෙත් නුඹ ළඟමයි පාවීගොස් නතර වන්නෙ
නුඹේ සුවඳ කිසිමදිනෙක මගේ නොවෙයි පිළිගන්නට
මගේ හිතත් මෙතරමට මුරණ්ඩු ඇයි පුලුවන්නම් කියාදෙන්න

හදේ පිරුණු සෙනේ විලේ නෑ වෙන මල් පූදින්නේ
නුඹ වෙනුවෙන් පිරුණු සෙනේ නෑ කිසිදින නැතිවනේ
සිහිනෙන් වත් නුඹේ සුවඳ මගේ කියා විඳගන්නට
එපා මාව මේ සිහිනෙන් කිසිම දිනෙක ඇහැරවන්න.............

3 comments: