Monday, October 13, 2014

ඔබෙ සුවද දැනුනා.........

මීදුම් වලාකුලේ සීතලට ගුලිවී....
හද ගැහෙන හඩ ඇහෙන තරම්...
හුස්මට හුස්ම පැටලෙන තරම්...
ළගින් ඉදන්....
මගෙ සමනලියේ...
ඔබෙ සුවද මට දැනුනා...

Saturday, October 11, 2014

අහස

   ......අහස........

අහස හඩයි....
කදුලුද මේ පොලොවට එන්නේ....
පොලොව තෙමන තරමට මිස....
ඇයි පිටාර යනතෙක්....

අහස සිනාසෙයි...

සත්‍යය යනු තවත් එක සිහිනයකි

සිහිනයක දැවටෙන්න
ඉඟි මරන නිදි රැජිණ
ඉවත ගෙන යන්න ඔබ
මුවග පිපි මායම් සිනා...............

කවුරුන්ද ඈ

 කවුරුන්ද  ඈ 


කවුරුන්ද ඈ....
හදවතෙ රිද්මය සොරකම් කල..
දෑසේ සිතුවමට උරුමකම් කියන..
රෑ තුන්යම මා ඇහැරවන...
නොනිදා දකින සිහිනය වුන...

මගෙ ජිවිතයේ හිමිකාරියේ..
මේ හදවතෙ රිද්මය මම ඉල්ලන්නේ නෑ..
වෙන රූපයක් බලන්න ආසාවක් නෑ..
ඔය තුරුලේ මිස නින්දක් මට ඇත්තෙ නෑ...
මේ හීනයෙන් ඇහැරෙන්න මට හිතක් නෑ....

බලන් ඉන්නම් ඔයාව දකිනකන්..
සතුට ඔයාට ලැබෙන්න ප්‍රාර්ථනා කරන්නම්....
කිසිම දවසක මුනනොගැසුන...
කවදාවත් නෙතු නොදුටුව..
මගෙ නෙලුම් කුමාරියේ...
කවදාද ඔබ මගේ වෙන්නේ..
කවදාද මට ආදරය කරන්නේ..
      ඇත්තටම ඔබ මට මුන ගැසේවිද...
     මගෙ නෙලුම් කුමාරියේ කවුරුන්ද ඔබ...
 


Friday, October 10, 2014

ඒක පාර්ශවික ආදරය.........

 නුඹට හොරෙන් නුඹේ දිහා බලන් ඉන්න මාන බැලුවෙ
දුරින් ඉඳන් බලන් ඉඳල මගෙ සිත මන් සනසගත්තෙ
සිහිනෙන්වත් නොපැතූ දිනෙක නුඹ මා හා සිනාසුනේ
හදේ ගැස්ම මටත් හොරෙන් නුඹේ නමට වෙනස් උනේ

නුඹේ නුවන් දකින තුරා නෑ මා සිත නිසලවන්නේ
මගේ දෙනෙත් නුඹ ළඟමයි පාවීගොස් නතර වන්නෙ
නුඹේ සුවඳ කිසිමදිනෙක මගේ නොවෙයි පිළිගන්නට
මගේ හිතත් මෙතරමට මුරණ්ඩු ඇයි පුලුවන්නම් කියාදෙන්න

හදේ පිරුණු සෙනේ විලේ නෑ වෙන මල් පූදින්නේ
නුඹ වෙනුවෙන් පිරුණු සෙනේ නෑ කිසිදින නැතිවනේ
සිහිනෙන් වත් නුඹේ සුවඳ මගේ කියා විඳගන්නට
එපා මාව මේ සිහිනෙන් කිසිම දිනෙක ඇහැරවන්න.............

සොයුරියෝ

 සිසිල් නල රැලකි ඔබ
විඩා බර නෙත් යුවල පුබුදන
විවර කොට ඇති කවුළු අතරින්
අනවසරයෙන් මවෙත පිය මැනි

අවුල් කරමින් කුටිය පිළිවෙල
විහිදුවා ඇත මගේ ලිපි ගොනු
රතින් දිදුලන ගෙබිම සැම තැන
නිඵල කරමින් රැයෙක වෙහෙසුම........

සිනා කැඳවයි නුඹේ සරදම
මතක මිණි වැල් කිකිණි නගමින්
සිතින් දිව යමි නුඹව තනි කොට
නුඹට නොදෙවැනි අයෙකු පසු පස

ඇය කිරිල්ලකි රැලෙන් වෙන් වුනු
මගේ හද ලෙන අගුලු බිදලූ
නොදන්වා සිත තුල ලැගුම් ගෙන
නොකියාම රහසින් ඉගිල්ලුනු

පවුරු බැන්දත් සිත් විමන වට
ඇගෙන් ගැලවුම් නොමැත මසිතට
පහන් සිළුවක් විලස පිය මැන
අවුළුවා ලයි මතක චිතකය......

පසක් වෙයි දැන් දැන් සෙමින් මට
සබඳ කම ඔබ දේපල සතුවන....
සොයුරියෝ, ඔබ දෙදෙන එක විට
සොබා දම් මවු කුසින් බිහි වුන........












ඇවිලෙන හදවත......


             

සිතිට පෙනෙන  ඒ සොදුරු දසුන්....
නෙතින් දකින්නට ලැබුනා නම්..

සිතට දැනෙන මේ මිහිරි හැගුම්...
ඇත්තට  මට අද දැනුනා  නම්....

සිනමා පටයක සොදුරු ආදරය...
ඔබ කී ලෙස මට දුන්නා නම්..
 සිහිනෙන් විතරක් එන්නේ ඇයි ඔබ....
මගේම වෙන්නට සිතුවා නම්....

 මා තුරුලට වී දුන් ඔබෙ උනුසුම...
අයිති උනෙ මට විතරම නම්..
මගෙ දෝතට දුන් හීන මල් පොකුරු...
වීදුරු වග මට කීවා නම්...
දෙතොලට දෙතොලින් දුන් මුව මී රස...
මට මෙන් මතකයෙ රැදුනා නම්...
 ඔබේ හුස්ම පිරි මගේ පපුව තුල..
මෙතරම් ගින්දර නෑ එහෙනම්..


ඇස් දෙක තරමට රැකගත් සෙනෙහස..
හේනක දර මෙන් අලුවී  නම්..
දැවෙන ගින්දරෙන් පපුව පිච්චිලා...
මගේ ජීවිතය නැති වුනි නම්..
කකියන හදවත පපුපුරලා ගියමුත්...
 වේදනාව මට දැනේ නම්... 
   ඔහුට තුරුලු වී සිටි මගෙ කුමරිය...
දුටු මගෙ නෙත් යුග අද උනි නම්...












 





Thursday, October 9, 2014

කඳුළු බින්දුව


උපන් දා සිට අද වෙන තුරුම
මට නැතිවම බැරිවූ නුඹ නම් පුදුමයකි............

විටෙක  සිත සොම්නසින් පිරී ගිය විට
එය මා හා බෙදා හදා ගන්නේ ද නුඹ ය,,,
තවත් විටෙක හද පාරවා රිදුම් දෙන විට
එය බෙදා හදා ගැනීමට මට ඉන්නේද නුඹම පමණකි

සැබවින්ම,,, අන් කවරෙකුටත් වඩා මට ලං වූ
මගේ පරම  මිතුරා ඔබ දැයි මට සිතේ.............
දුක සැප දෙකෙහිම ළඟ ඉඳිමි යැයි
පොරොන්දු පිට පොරොන්දු ගොඩ ගැසූ දහසක් දෙනා අතරින්
පොරොන්දුව ඉටු කල එකම කෙනා නුඹම විය
 කඳුල........

මම නුඹට සදා ණයගැති වෙමි...........


Sunday, October 5, 2014

මා වෙනුවෙන් හඬන වැස්ස!!!!!!!!!!!!!!

හඬන්නට නොහැක මට
සිනාසේවී ලෝකයා
කිවූ කතා ඔබ ගැන
සැබෑ වී ඇත අද දිනේ....
කාට කියම් දෝ මේ දුක
කවුරු තැවෙයි දෝ මා ගැන
තනිවෙලා මං....................
අහස් තල ගුගුරමින් 
කඩාහැලෙන මහ වැසි ලෙසින්
ලොවෙන් සැඟවූ මගේ
කඳුළු ගංගා නොවේදෝ......

ලෝක ළමා දිනය දවසකට පමණක් සීමා විය යුතුද?????????????

ලෝක ළමා දිනේ පහුවෙලා ටික දවසක් උනත් මට මේ දේ ගැනත් පොඩ්ඩක් කියන්න හිතුනා.
සෑම වසරකම ඔක්තෝම්බර් පළමු වැනි දිනට යෙදී ඇති ලෝක ළමා දිනය බොහෝ විට පාසල් හා නොයෙකුත් ළමුන් සම්බන්ද ආයතන විසින් බොහොම උත්සවත්ශ්‍රීයෙන් සමරන්න යෙදෙනවා. එක අත්හටම හොඳ දෙයක් නමුත් ලෝක ළමා දිනය නැත්නම් ළමයින්ගේ දවස ඇත්තටම ළමයින් වෙනුවෙන් අවුරුද්දකට තියන දවස් 365න් නැත්නම් 366න් තියෙන්නේ එහෙම නැත්නම් එයාලට සලකන්න ඕනෙ 1 දවසද කියන ප්‍රශ්නේ මහා ලොකුවට මගේ හිතට දැනෙන දෙයක්. අයි අනිත් දවස් 364 නැත්නම් 365 ළමයි ළමයි නෙවෙයිද? වැඩිහිටියන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන්න හදල තියන සෙල්ලම් බඩුද? අද ලෝකේ ජීවත් වෙන දෙමවුපියන් තමන්ගේ ළමය ගැන දරන ආකල්පය මොන වගේද කියල හිතුවොත් 75% කටත් වැඩ වැඩි දෙනෙක් අයිති වෙන්නේ මන් ඉස්සල්ල කියපු දේට නේද කියල හොඳට කල්පනා කරලා බැලුවොත් තේරේවි.
බොහොමයක් දෙමවුපියෝ තමන්ගේ දරුවට අවශ්‍ය උවමන එපාකම් ඉෂ්ට කරාම හිතන්නෙ දරුවට ඕන හැමදේම හැම යුතුකමම තමන් අතින් ඉෂ්ට උනා කියල. ඇතටම ඒ දේ එහෙමද? නැත්නම් මීට වඩා දේවල් අදාල වෙන්න ඕනෙද? මට හිතෙන මන් දකින විදියටනම් ළමයෙකුගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන්න දෙමවුපියෝම ඉන්න ඕනෙ නෑනේ, ඕනෑම කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන්. නමුත් ළමයෙකුට අවශ්‍ය ආදරය, සෙනෙහස, කරුණාව, රැකවරණය කියන දේවල් හැමෝටම දෙන්න බෑ.
අද සමාජයේ දකින බොහොම සුලබ දෙයක් තමයි අම්මල තාත්තලා ළමයි ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නනම් කන්න බොන්න ඉන්න හිටින්න දුන්නනම් ළමයා එයාල කියන දේ කරන්න ඕනෙ එහෙමත් නැත්නම් එයාල බලාපොරොත්තු වෙන විදියටම ළමයා විභාග සමත් වෙන්න ඕනෙ කියන දේ. ඇත්තටම ඒක එහෙම වෙන්න ඕනෙද? අරකියන බාහිර දේවල් විතරක් ඇතිද ළමයට දෙමවුපියන්ගේ ආශාවන් ඉෂ්ට කරන්න? එහෙම හැමෝටම එකම විදියට පුලුවන්නම් මේ ලෝකේ හැමෝම දොස්තරලා, ඉංජිනේරුවෝ, ලෝයර්ස්ල, මැනෙජෙර් වරු වගේ ලොකු ලොකු තනතුරු දරන අයම විතරක් වෙන්න එපාය. ඇයි එහෙම නොවෙන්නෙ? හැමෝගෙම බුද්ධි මට්ටම එකමද?  තමන්ගේ දක්ෂතාවය තියෙන්නේ මේ කියන දේ වලට නැත්නම් අම්මල තාත්තලට ඕනෙ රස්සාවට අනාගතේ යන්න පුළුවන් වෙන්න අදාළ දේවල්ද කරන්න ඕනෙ? තමන්ට පුළුවන් තමන් අස දේ අත ඇරලා තමන් ආස නැති? ඊට පස්සේ විභාගේ කරගන්න බැරි උනාම ලමයව බැනල කියංනපුලුවන් හැමදේම කියල අතරල දන 1ද? "අපේ කලේ මේ වගේ සම්පත් අපිට තිබ්බේ නෙ අපි සෙරප්පු නැතුව ඉස්කෝලෙ ගියේ පයින් අද වගේ ස්කූල් වෑන් ගේ දොරකොඩට එන්නැ අපිට මෙහෙම තිබ්බනම් අපි අද මෙතන නෙවේ" ඔය වදන් ටික බොහොම සුපුරුදුයි නේද? එත් ඒ කලේ වගේද අද? එයට විතරද මේ පහසුකම්? අනිත් යට නෑ? හිතන්න පොඩ්ඩක්. කොතනද වැරදුනේ? ළමය විතරමද වැරදි? 300000 ක් විභාගේ කරලා විශ්ව විද්‍යාල වරම් ලබන්නේ 20000ක් විතර පුංචි ප්‍රමාණයක්. අමතක කරන්න එපා ඒ දේත්. ඒ A/L නෙ o/L එත් එහෙමමයි. ඊටත්වඩාඅර ශිෂ්‍යත්වේ හයක් හතරක් නොතේරෙන පොඩි උන්ට කොච්චර දස වද දෙනවද? එතනින් වෙන්නේ ඉගෙන ගන්න තියෙන ආසව ඇතිවෙන එකද නැත්නම් නැති වෙන එකද?
තව කිවයුතුම දෙයක්, ගොඩක් අම්මලා තාත්තලා කරන දෙයක් තමයි ලමයව office එකේ හෝ නෑදෑ, අහල පහල ළමයි එක්ක සංසන්දනය කරන එක බොහොමයක්ම වෙලාවට තමන්ගේ දරුවාගේ වැරදි කිය කිය අනිත් අයගේ හොඳ වර්ණනා කරන එක. ඒ දෙන එයාල බලාපොරෝත්තුවෙන්නේ තමන්ගේ ළමයත් ඒ විදියට වෙයි කියල එත් එහෙම වෙලා තියනව කවුරු හරි දැකල තියනවද? තමන්ගේ අම්මා තාත්තා ගෙදරදී හරි තව කව හරි ඉස්සරහ තමන්ව විවේචනය කරද්දී ඒ දරුවා කොච්චර මානසිකව කඩාවැටෙනවද? කොච්චර අසරණ වෙනවද? මගේ හැමදේටම ඉන්නෙ අම්මයි තාත්තයි කියන දරුවාගේ හිතේ තියන දේට මොකද වෙන්නෙ? තව දුරටත් එක එහෙම වෙයිද? අම්මා තාත්තා ගැන ආදරයක් තියන ඒ අහිංසක හිතේ තරහක් ඇතිවෙන් නැද්ද? අම්මේ තාත්තේ පොඩ්ඩක් හිතන්න තමන් දුක් මහන්සියෙන් හදන දරුවාටම නේද මේ ගරහන්නේ කියල.
තව දෙයක් තමයි ළමයි ප්‍රේම සම්බන්ධතා වල පැටලෙනවා කියන දේ. මේකේ සම්පුර්ණ වැරැද්ද තියෙන්නේ ළමය අතේද?
ළමයට අවශ්‍ය කරන ආදරය අම්මගෙන් තාත්තාගෙන් පවුලේ අයගෙන් හම්බවෙන් නැත්නම්, තමන් ගැන හොයා බලන්න කවුරුත් නැත්නම්, තමන්ගේ ප්‍රශ්න අම්ම තාත්තා එක්ක කතා කරන්න බැරිනම් ඒ ළමය ඒවාට විසඳුම් හොයන්න නිරායාසයෙන්ම වැරදි පැත්තට යොමුවෙනවා කියන දේ සාමාන්‍ය වගේම සාදාරන දෙයක් නේද? ඇත්තටම බැලුවොත් වැරැද්ද තියෙන්නේ කොතනද? ළමය අතේ විතරද?

හිතන්න පොඩ්ඩක්. ළමයාගේ මානසිකත්වෙන්. අවුරුදු 25ත අඩු හැමෝම ළමයි වගේ තාමත්. සමජෙත් එක්ක පරණ පරම්පරාව වගේ ගනදෙනුකරලා නැ. ප්‍රශ්න වලට මුනදීල නෑ, ඒකාලේ වගේ නෙවේ අත්දැකීම් අඩුයි නේද? ඒ දේ අමතක කරන්න හොඳද?
ළමා දිනය දවසකට පමණක් සීමාවිය යුතු නෙ නේද?????

(අදහස් පැවසීම, විවේචනය කියවන ඔබට භාරයි. මන් වැරදි වෙන්නත් ඇති මන් දකින දේ ගැන පුංචි අදහස් පළකිරීමක් මිසක් කාටවත් බනින්නවත් කාවවත් විවේචනය කරන්නවත් ලියපු දෙයක් නෙවේ)

මිතුදම

පාසල් මිතුදමේ නොබිදෙන පවුර...
 සිතුවිලි මල් ලියකමින් හැඩ කරන්නට.... 
නිල් අහස කෙලවරින් මැකී ගිය හිරු......
හෙට  අරුනට එලිය ගෙනෙන තරමක විස්වාසයෙන්..... 
 එකතු වෙමු....
යලිත් නොඑනා ඒ වසන්තයේ මතකය රැගෙන..
නිදහස් ලෝකයේ අපේ සිතුවිලි මුදා හරින්නට......

Saturday, October 4, 2014

ආදරයමද????????????

දහසකුත් සොඳුරු නෙත්
දුටුවමුත් නිති පතා
ඒ එකදු දෑසක
නොදුටු ලෙන්ගතු කමක්
පිරී ඉතිරෙන
ඔබේ අහිංසක ඇස්
ඉඟි කරන්නේ
අදරයමද?????????????