Saturday, November 8, 2014

හැර යන්න මගෙ යහන......

නිදි බර දෑසින් ලියමි මම...

නින්ද ගැන නොවේ.....
මට නින්ද නොදෙන  ඔබ ගැන...
ඇයි ඔහොම බලා ඉන්නේ...
උනුසුම් ගතේ දැවටෙන්නද....

Thursday, November 6, 2014

සඳ තරුවලට රහසින් කීවෙමි

සඳ තරුවලට රහසින් කීවෙමි
පාර කියන ලෙස ඔබ ඉන්න ඉසව්වට
දකින දකින නෙත් දාහක් අතරේ
අතරමංවී සෙව්වෙමී ඔබව මං
ඉඟි පාන නෙත් අතර කෙසේ පසක් කරගම්ද මං
පැතුව නෙතු යුග මුළු සසර පුරාවට
හඬන්නේ මා සිත ලොවට හොරෙන්
හිමි නොවේ දෝ මා පැතුව දෙව්ලිය..............

සිහිනයක් වන්නට ඇත්නම්

සිහිනයක් වන්නට ඇත්නම්
රාත්‍රියේ හෝ ඔබ සොයා එන්නම්
කුරුල්ලෙකු වන්නට ඇත්නම් 
පියාසලා ඔබ සොයා මම එන්නම්
පුන්සඳක් වන්නට ඇත්නම්
ලඟින් ඉඳ ඔබේ තනිය මකන්නම්
ඔබේ ලඟින් මට ඉන්නට ඇත්නම්
මලක්සේම මා ඔබ රැකගන්නම්...........